Saturday, March 18, 2017

දරුවන් සමග දන්ත ධාතූන් වහන්සේ වඳින්නට පැමිණි දුෂ්කර පාසලක ගුරු මෙනෙවිය කියු කවි.

අද මා ඔබේ රස වින්දනය සඳහා ගෙන එන්නට තෝරාගත්තේ ශ්‍රියානි මිහිඳුකුලසුරිය කිවිඳිය විසින් ලියන ලදුව 19/03/2017 දින ඉරිදා ලක්බිම පුවත්පතේ උක්ත මාතෘකාවෙන් යුක්තව  පළවූ කවි පෙළකි.  මේ කවිපෙළෙහි ඇති සිත් කම්පා කරවන අත්දැකීමට මා බෙහෙවින් කැමැත්තෙමි.  කවි පෙළෙහි ඇති එක් එක් කවිය සම්බන්ධව පදරුත් විමසනවාට වඩා කවිපෙළ ඔබ සමග රස විඳීමට මට සිතේ.

ඉඩෝරෙට සිඳී වැවක බැහැලා - දණක් එරිලා රොන් මඩේ
නෙලා ආ සුදු නෙළුම් පරවී- දුකක් දුටුවා ඔය නෙතේ
බලෙන් පුප්පන මලක් ගන්නට - කාසි කොයිදැයි මයෙ පුතේ
මලක් පිදුවේ නැතැයි කියලා - බුදු සාදු තරහා නැතේ

තෙරපි තෙරපී උඩට ආවට - සමිඳු අප දුටුවේ නැතේ
සවිය ඇති අය ලඟට ළංවී - බුදුන් වැන්දා දුක සිතේ
සාදු කියමින් පහත මාලෙට - බසින පුතුනේ නුඹ නෙතේ
අහිංසක බව රිදවලා සිත - කඳුළු පිරුණා මගෙ නෙතේ

පිච්ච මල් ඉහිරිලා  වාගෙයි - හරි හැඩයි නිල් තණ බිමේ
බුදුන් දුටුවේ නැතත් මුව මත - කොඳ සිනා මල් මල් පිපේ
කුරුලු පැටවුන් වගෙයි කිචි බිචි - රහ බලන ගෙන ආ බතේ
වෙනද වගෙ මැල්ලුමක් විතරද අදත් පුතුනේ බත් පතේ.                                        

4 comments:

  1. තෙරපි තෙරපී උඩට ආවට - සමිඳු අප දුටුවේ නැතේ
    සවිය ඇති අය ලඟට ළංවී - බුදුන් වැන්දා දුක සිතේ

    බුදුන් කොතක සිට වැන්දත් භක්තිය මත සෙත සැලසේ කියලනේ කියන්නේ

    ReplyDelete
  2. ඔය නිසානේ වික්ටර් අයියා කිවේ "පහත මාලයට" එන්න කියලා හිටං.
    අපුරු කවි පන්තියක්.

    ReplyDelete
  3. //බුදුන් දුටුවේ නැතත් මුව මත - කොඳ සිනා මල් මල් පිපේ//ගුරු මෙනවියගේ සහ ළමයින්ගේ පැත්තෙන් වෙන්න ඕනා මෙන්න මේ ටික තමයි

    ReplyDelete