Sunday, July 1, 2018

මදුරාසි කොලුවා.

අදට වසර ගණනකට පෙර නීල් ශ්‍රී විජේරත්න මහතා සිළුමිණ පුවත්පතට ආදම්ගෙ පාලම නමින් ලියු තීරු ලිපි මාලාවක තිබු කතා ඔහු විසින් පොත් කීපයක් ලෙස සකස්කර මුද්‍රණය කරන ලදුව පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.  ඒ පොත් නම් වශයෙන් කිවහොත් "මදුරාසි කොලුවා," "කේරළ නළඟන",  "බෙංගාලි යෙහෙළිය" සහ "පිජාමා කොලුවා" යනුවෙනි.  සංචාරක කතා මාලාවට ගැනෙන මේ පොත් මුලික වශයෙන්ම ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල ඔහු විසින් කරන ලද සංචාරයන් අලලා සකස්වූ පොත් පෙළක් ලෙස හැඳින්විය හැක.   මේ පොත්වලින් එකක් වන "මදුරාසි කොලුවා" නම්වූ පොතේ එන කතාවක් මම අද ඉදිරිපත් කරමි. මේ කතාව කියැවෙන ස්ථානය මා හොඳින් දන්නා එකක් බැවින් සහ කතාවේ එන කොලුවාද මා දැක ඇති චරිතයක් බැවින් කතාව මට ඉතා රසවත් වූ බව කියන්නට කැමැත්තෙමි.

'කිනම් බසයක ගොඩ වන්නේ දැයි අනුමානයෙන් සිටි මගීන් පිරිස වෙත කොලුවා කිට්ටු වුයේ මඳ සිනාවක් පාමිනි.  

" මදුරෙයි යන්ට නේද?"

අතින් කටින් බඩු මුට්ටු එල්ලා ගෙන සිටි පිරිස අතරින් එකෙකු ගේ හිස සෙලවෙයි.

" නගින්ට...නගින්ට...අපේ බස් එකට.  ඒසී කළ අති සුඛෝපභෝගී බස් එක තව ඩිංගෙන් පිටත් වෙනවා.  ජොලියේ යතෑකි පික්චර් බල බලා."

කොලුවා පිරිස කැඳවා ගෙන යනුයේ තවත් බස් රථ තුන හතරකට එහායින් වූ බසයක් ළඟටය. 

ඒ පිරිසට බසයට ගොඩවන්නට උදව් කරන ඔහු එතෙකින් නොනැවතී ඔවුනගේ බඩු මුට්ටු පටවන්නටද අත දෙයි.  එසේ එම රාජකාරිය කරන අතර තවත් මගීන් කැඳවන්නට උත්සුක වෙමින් කැඩුණු ඉංග්‍රීසියෙන් කෑ ගසයි.

මා නවාතැන් ගෙන සිටියේ මදුරාසියේ කෙනත් පාරේ පිහිටි හෝටලයකය.  එය පටු පාරකි.  ඒ පටු පාර කෙළවර වුයේ මහා මාර්ගයට මුහුණ ලා පිහිටි පෞද්ගලික බස් නැවතුම් පොළකිනි.

දවාලට මනිබඩු වෙළෙන්දන්ගේ කඩ මණ්ඩියක් වන එතැන රෑ බෝ වෙත්ම මදුරාසියේ සිට දුර ගමන් යන රාත්‍රී බස් සේවාව සඳහා වෙන් වෙයි.  ඒ ඒ බස් රථ සඳහා මගීන් කැඳවන්නට වලිකන තැරැව්කරුවන් එහි එනුයේ ද ඒ වෙලාවටමය.

තලත්තෑනි තැරැව්කරුවන් අතර ළාබාලයා වුයේ අප පෙර කී කොලුවාය.  වයසින් අවුරුදු දොළහක් දහතුනක් පමණ වූ ඔහු තම සේවය ලබා දුන් බස් රථ කරා ඒමට මගීන් පෙළඹ වූ ආකාරය බලා සිටින්නට තරම් අගනේය.

රෑ කෑමෙන් පසු මේ පටු මග දිගේ මඳ දුරක් ඇවිදීම මගේ පුරුද්දක් ව තිබිණ.  එසේ ගිය එක් වතාවකය, මා මුල් වරට මේ කොලුවා දුටුවේ.

" කොඩෙයිකානල් බස් එක යන්නෙ රෑ හතහමාරට, මදුරෙයි බස් එක අටට, නමයට බැංගලෝර් බස් එක, රෑ දහයට තමා බොම්බේ කමින්, එන්න එන්න.  සුපර් බස් එකේ යන්ට එන්ට.  නින්ද ගිහිල්ලා ඇස් අරින කොට යන්ට ඕනෑ තැනට ගිහිල්ලා ඇති."

කෑ කෝ ගාමින් එහා මෙහා යන කොලුවා මා දැක නතර විය.

" සර්! පොන්ඩිචෙරි යන්නද? ඒක ඉස්සර ප්‍රංශ කොලනියක්.  එහෙමත් නැත්නම් ඌටි යන්නද? අපේ බස් එකේ කන්ද නැගලා යනකොට ස්වර්ගෙ ගියා වගේ තියේවි. ඌටි කිව්වාට එහේ දැන් නම උදාගමණ්ඩලම්.  හරිම ලස්සන තැනක්.  ඌටි විල, ඌටි මල් වත්ත, සීතලේ ගැහි ගැහි සාප්පු සවාරි යතෑකි.  දවස් තුනේ ට්‍රිප් එක. ඇඩ්වාන්ස් බුකිං බාර ගන්නවා සර්."

මගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බව හැඟුණ නිසාදෝ කොලුවා එහි හුන් තවත් පිරිසකට කිට්ටු වී දොඩමළු වෙයි.  ඔවුනට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට උදව් වෙයි.  මුදල් නෝට්ටු සිල්ලර කාසි කැර දෙන්නට ළඟ පාත තේ කඩයකට දිව යයි.  ඔහු එක හැල්මට කරන මේ වැඩ රාජකාරි සියල්ලේම කිසියම් ආකර්ෂණීය බවක් විය.  ඊටත් වඩා මා ප්‍රිය කළේ සෑම ගමනාන්තයක් ගැන ම කොලුවා කරන විස්තරය අසා සිටීන්නටයි.

" කෝ මේ මයිසුර් යන කට්ටිය.  මහාරාජාගෙ මාලිගාවත් බලාන බ්‍රින්දාවන් උයනට යන්ටත් මතක තියාගන්ට හොඳේ, මොනවද ඉතින් එක නින්දක් ගිහින් ඇස් අරින කොට මයිසුර් වල නොවැ."

මදුරාසිය අවට ගමන් ඉසව් ගැන මේ කොලුවා සතුවූ දැනුම මා මවිතයට පත් කරවන්නක් විය.  මේ තරම් පොඩි එකෙකු මෙයාකාර විස්තර දැන කියා ගෙන ඇත්තේ කොහොම දැයි යන්න මට සිතා ගත නොහැක්කක් විය.

එක් රාත්‍රියක මම මේ පටු මගේ යන අතරතුර බස් නැවතුම අසල මඳක් නතරවීමි.  මා දුටු කොලුවා මඳ සිනාවක් පාමින් මෙසේ ඇසීය.

" සර් දුර ගමන් යන්නැති එකේ වන් ඩේ ට්‍රිප් එකක්වත් දාන්ඩකො.  හෙට උදේ අටට සෙන්ට්‍රල් ඉස්ටේසම ලඟින් අපේ බස් එක පිටත් වෙනවා.  මැරීනා බීච්, එලියට් බීච්, ගෝල්ඩන් බීච්, බර්මා බසාර්...චයිනා බසාර්... මහාබලිපුරම්... මුළු ගමනටම රුපියල් සීයයි."

යමක් නොදොඩා සිටීම නොකටයුතුය.

" මේ ළමයා, මට කියන්න බලන්න අර හිඟින්බොතම් පොත් සාප්පුව තියෙන්නෙ කොයි හරියෙද කියලා."

" මොකක් කිව්වා." කොලුවාගේ මුහුණ පුරා විස්මය පැතිරී ඇත.

" හිඟින්බොතම් පොත් සාප්පුව."

දෙතොල සොළවමින් " හිගින්...හිගින්" යි මුමුණමින් කොලුවා ටිකක් එහාට මෙහාට විය.  ඊළඟට මා දුටුවේ ඔහු තවත් මගීන් පිරිසක් මැද කෑගසන අන්දමය.

" පොන්ඩිචෙරි...කඩලෝර්...චිදම්බරම්...නාගපට්නම් යන කට්ටියට බස් එක ඇවිල්ලා. එන්ට නගින්ට.  ඔහෙලා කැමතිනම් කඩලෝර් පාලම ලඟදි අලුත්වැයින් මුදු මාළු ටිකක් හෙම ගන්ටත් පුළුවනි."

ඊට පසු දිනද සුපුරුදු පරිදි කොලුවා මට මුණ ගැසිණ.  එදින ද මා ඔහුගෙන් යම් තැනක් ගැන විමසුවා මතකය.  ඒ සැන් තෝමේ ආසන දෙව් මැදුර හෝ අයිස් හවුසිය වැනි ස්ථානයක් ගැන විය යුතුය.  එදින ද කොලුවා අන්දමන්ද වී නිරුත්තර විය.  නිරුත්තර වී සෙනග මැද අතුරුදහන් විය.

ඊට පසු දින කීපයක් යන තුරා මම ඒ කොලුවා නො දිටිමි.  කොලුවා දක්නට නැති බස් නැවතුම ළඟ විනාඩියක් දෙකක් හෝ රැඳී සිටීමට මට සිත් නොදුන්නේ ඇත්තට ම නතර වී බලන්නට තරම් දෙයක් එහි නොවූ බැවිනි.  ඊළඟ රාත්‍රී කීපයේ මා ඇවිද ගියේ කෙනත් පාරේ අනෙක් පැත්තටය.

තවත් ස්වල්ප දිනකට පසු මම නැවත වරක් සුපුරුදු බස් නැවතුම්පොළ පසු කරමින් සිටියෙමි.  අහම්බෙන් මට අර කොලුවා ගැන මතක් විය.  ඔහු එතැන වී දැයි මම විපරම් කළෙමි.

" සර් කාවද හොයන්නෙ?" අවුල් වූ හිස කෙසින් යුත් තැරැව්කරුවෙක් මගෙන් ඇසීය.  ඔහු කිළිටි සුදු කලිසමක් සහ දණහිස තෙක් දික් වූ කමිසයක් ඇඳ සිටියේය.

" නෑ...නිකම්."

" බොරු කියන්ඩ එපා සර්.  සර් හදන්නෙ අර අහිංසකයාගෙන් ප්‍රශ්න අහල ඌව පල් කරන්ට නේද?"

" තමුසෙට පිස්සුද?"

" සර් මේ කොහෙදෝ යන ගමන් මෙතැනට ඇවිල්ලා එක එක ප්‍රශ්න අහනව කියල ඌ දැන් මඟ හරිනවා.  සර් අහන දේට උත්තර දෙන්ට ඌ දන්නෙ නැහැ."

තැරැව්කාරයා කතා කරන්නේ මා තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.

" දන්න කියන කාලයේ හිට අර පත්තර ලෑල්ල උඩ නිදාගන්න ඌ කොටින් ම මේ හන්දියෙන් එහාට මුළු ජීවිතේට ම ගිහිල්ලා නැහැ."

( මදුරාසි කොලුවා, නීල් ශ්‍රී විජේරත්න, සුරිය ප්‍රකාශකයෝ 2004.)

12 comments:

  1. http://gvnet.com/streetchildren/India.htm

    ReplyDelete
  2. පට්ට රහයි,තුති හැලපේ.
    ටිකක් හොයනකොට මේකත් හමුවුනා
    https://www.bookfair.lk/maduraasi-koluwa#
    පොත් හතරේම සාම්පල් තියේ


    ReplyDelete
    Replies
    1. නියමයි. බොහොම ස්තුතියි.

      Delete
  3. මදුරාසි කොළුවාට මේක ලියපු මිනිහා පුකේ වත් ඇරියාද දන්නේ නැහැ නේද බං. අර උබ ඉස්සර කතාවක ලිව්වේ උබලා ටවුමේ ගාමිණී හෝටලේ තේ හදන මිනිහත් එහෙම කොල්ලොන්ට ලෝඩ් බානවා කියලා. මුත් එහෙම වලත්තයෙක් වෙන්න ඇති. කොළුවා ඒ නිසා මු එනකොට ශේප් එකේ හැංගෙන්න ඇති. මට නං කතාව කියවගෙන යනකොටම මීටර් උනා. උබ මේ කොල්ලා දන්නවා නං අහපන්කෝ ඌව හම්බුන වෙලාවක. ඌ කියයි නි මොකද උනේ කියලා.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගත් ගඳ ගස්සන්න එපා බං.

      Delete
  4. මේ ආකාරයට යම්කිසි එක් සිද්ධියක් ගැන විශේෂ හැකියාවක් තිබෙන අය කලාතුරකින් සිටිනවා. මට මතකයි දැනට වසර විස්සකට පමණ ඉහතදී පිළියන්දල බස් නැවතුම් පළේ මෙවැනි තරමක් වයසක අන්ධ පුද්ගලයෙක් සිටියා. ඔහු එක තැනක සිටගෙන සෙමින් කැරකෙමින් සිටියේ. ඔහුට ඕනෑම අවස්ථාවක නිවැරදිව වේලාව කීමටත්, යම්කිසි බස් රථයක් පිටත් වෙන වේලාවත් කියන්නට හැකියාව තිබුණා. ඒ කාලයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශය මගින් මොහු පිලිබඳ තොරතුරු රැස් කළා. පර්යේෂණ වාර්තාවක් සකස් කළාද යන්න ගැනනම් මා දැනුවත් වූයේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කවදාවත් එපා දයා බුදුදහමට පිටුපා යන්න..
      මං මැරුණුදාම බුදුගේ නම් එපා පාළුකරන්න..

      Delete
    2. දයා අප්පච්චිලා ඉන්න තැන් බල බලා රස ඩෙල්ටා ටොපි ගේනවා.

      දයා පුතා බුදුදහමට පිටුපා ඇති බව අප විශ්වාශ නොකරමු. වෙඬරුවේ උපාලි ලග මහන කෙනෙක් කිරීමට තරම් දයා පුතා සුදුසුය.

      Delete
    3. ස්තුතියි දයා!

      Delete
  5. මේ කතාව ලියපු කෙනා පොඩි කොල්ලොන්ට ආසා සමලිංගිකයෙක් නේද? අනේ මන්දා මෙහෙමත් මිනිස්සු. ළමා අපචාර වලට දඩුවම් ලබා දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම දෙයක් මේ කතාවෙන් කියැවෙන්නේ නෑ.

      Delete