අද මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමි. එය නම්කර ඇත්තේ සිත්ගත් සාහිත්‍ය කලාකෘති යනුවෙනි. මගේ සුපුරුදු බ්ලොගයට අවුරුදු හතරක් සපිරෙන්නට තව මාස කීපයක් තියෙද්දී මෙවැනි අලුත් බ්ලොගයක් ආරම්භ කරන්නට සිත් වුන හේතුවක් ඇත. බ්ලොග් ලිවීම මගේ විනෝදාංශයකි ඒ පමණටම මා ලොල් කරන තවත් විනෝදාංශයක් නම් පොත් පත් කියවීමයි. මේ දෙකම සමබරව පවත්වාගෙන යමි. නමුත් බොහෝවිට මා සිත්ගත් පොතක් හෝ වෙන කලාකෘතියක් ගැන පාඨකයන්ට කියන්නට තැනක් නැත. මන්ද යත් බොහෝ පාඨකයන් මගේ බ්ලොගයේ මා සුපුරුදු ලිවිසැරියෙන් බැහැරව ලියනවාට සිය අප්‍රසාදය ප්‍රකාශ කරන බැවිනි. බ්ලොගය මගේ නිසා කැමති දෙයක් ලියමි යි කියා කියන්නට බැරි බ්ලොගයකට පාඨකයන් එතරම්ම වැදගත් නිසාය. කොපමණ හොඳ බ්ලොගයක් ලිව්වත් එයට පාඨකයන් නොපැමිණේ නම් කමෙන්ට් නොකරයි නම් එයින් පලක් නැති බව මගේ විශ්වාසයයි.
මගේ සිත්ගත් පොත්පත් චිත්‍රපට සහ වෙනත් කලාකෘති ගැන මේ බ්ලොගයේ ලියමි. රස විඳින්නට ඔබටද ආරාධනා කරමි. මගේ අනෙක් බ්ලොගයද සුපුරුදු පරිදි යාවත්කාලීන වනු ඇත. වෙනම බ්ලොගයක් ආරම්භ කිරීමේ අදහස සිතට දැම්මේ හිතවත් ප්‍රාජේය. ඉක්මනටම අරඹන්නට කිවේ හිතවත් මනෝජ්ය. මට ඇත්තේ අත දිග හැර ලියන්නට පමණකි. ඔබ දෙදෙනාට මගේ ස්තුතිය පිරිනැමේ෴
Poth path gana kiyawannatada emi
ReplyDeleteබලමුකො මෙයා පොත දාන හැටි.
ReplyDelete:D
DeleteGood luck!
ReplyDeleteඔහේගේ කැමත්ත. සුපැතුම්...!!!
ReplyDeleteසින්ඩියට දැම්මා...
සුබ පැතුම් හැලපයියා....!
ReplyDeleteමේය සාර්ථක බ්ලොගයක් වනු ඇති.
This comment has been removed by the author.
Deleteඑඤ්ඤං බලන්න පුලුහන් වෙලාවැට..!
ReplyDeleteජයවේවා !! ඔබේ සහිත්‍යයට ඇති ඇල්ම නිසා අපට හොඳ දෙයක් කියවන්න ලැබෙයි ...
ReplyDeleteකොපමණ හොඳ බ්ලොගයක් ලිව්වත් එයට පාඨකයන් නොපැමිණේ නම් කමෙන්ට් නොකරයි නම් එයින් පලක් නැති බව මගේ විශ්වාසයයි.
ReplyDelete++++++++ You are a true legend.
++++++++++++++++++++++
Deleteඕකනේ අපි බ්ලොග් ලියන්නෙ නැත්තෙ.
Deleteසුබ පැතුම් ඔබට...රසබර සහ හරබර දේ විඳින්නට බලාපොරොත්තු වෙමි...
ReplyDeleteපොත්පත් කියවීමත් කියවූ දෙය බෙදාහදා ගැනීමත් ඉතා ඉහලින් අගය කරමි. කමෙන්ට් නොකලත් අනිත් බ්ලොගයටත් නිරතුරුවම ගොඩ වදිමි. පිවිසි අළුත් මාවතෙහිද පෙර පරිදිම මල් පිපේවායි පතමි. ඔබට ජය.....!
ReplyDeleteජයවේවා
ReplyDeleteඅද මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමි. එහෙම නේද? හොඳයි හොඳයි. අපේ සුබපැතුම්.
ReplyDeleteසුබපැතුම් !!
ReplyDeleteසුභ පැතුම් හැලපේ. උඹ ලියන පොත මම කියවා තිබේනම් සහ මම ප්‍රියකරන එකක් වේනම් පමණක් කමෙන්ට් කරන්න අදහස් කරනවා. නැතිනම් ඒක නූපන් දරුවන්ට කේන්දර හදනවා වගේ වෙන්න පුලුවන්.
ReplyDeleteසුබ පැතුම්... ගොඩක් කාලෙකින් ගොඩවුනේ.. මෙන්න බොලේ බ්ලොග් එක පැටව් ගහලත් එක්ක... :)
ReplyDeleteමේ කෙටි සටහන ලිව්වේ හැලපේ ම ද?
ReplyDeleteමට නම් විශ්වාස කරන්න ටිකක් අමාරුයි.එයට හේතුව මේ ලිපියේ හෙඩිමේ සිට අවසානය දක්වා ම සිතා මතා ලිව්වා දෝ කියා සිතෙන තරම් "මා කරමි", "මා ලියමි", "මා යමි" ආකාරයේ ව්‍යාකරණ දෝෂ තිබීමයි.
පුදුමයි.
අලුත් බ්ලොගයේ ලිපි පලවූ පසු කියවන්නම්.
මගේ නම් පොත් කියවීම හොඳටම අඩුවෙලා.
මේ කෙටි සටහන ලිව්වේ හැලපේ ම ද?
ReplyDeleteමට නම් විශ්වාස කරන්න ටිකක් අමාරුයි.එයට හේතුව මේ ලිපියේ හෙඩිමේ සිට අවසානය දක්වා ම සිතා මතා ලිව්වා දෝ කියා සිතෙන තරම් "මා කරමි", "මා ලියමි", "මා යමි" ආකාරයේ ව්‍යාකරණ දෝෂ තිබීමයි.
පුදුමයි.
අලුත් බ්ලොගයේ ලිපි පලවූ පසු කියවන්නම්.
මගේ නම් පොත් කියවීම හොඳටම අඩුවෙලා.
apith enoo
ReplyDeleteබ්ලොග් රෝල තවත් එහෙකින් දික් උනා කියහන්කෝ..
ReplyDeleteඕකේ බොස්..ලියමු බලන්න එහෙනං....:)
ReplyDeleteජයවේවා! මගෙනුත් සුභපැතුම්.
ReplyDeleteඑල
ReplyDeleteලියමුකො හැලපෙ අයියෙ එහෙනම් හොඳ පොත් කතා ටිකක්.
ReplyDeleteඑලම තමා! බ්ලොග් විචාර
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteමේක හොයාගන්ඩ බැරුව හිටියෙ.. ජයවේවා.. නොදන්නා මගුල් කියන්න ගිහිං වරිගේ නහගන්නෙ නැතුව සද්ද නැතුව ඉන්නව දන්නෙ නැති එව්ව දැම්මොත්..
ReplyDeleteMy belated best wishes. The early signs are auspicious. I am pleased to see the birth of another corner of the Cyberspace that will take me back to the homeland I left behind.
ReplyDelete