ලොකු එකාගෙ ලියමන
සෙනසුරාදාට නිවාඩුයි
ඒත් වැඩ ගොඩයි
ඉරිදටත් මගෙ හිතේ
එන්න බැරිවෙන හැඩයි
සඳුද ආයෙත් යුද්ධෙ
ෆයිල් ටික මගෙ ළඟයි
කොහොම ආවත් අම්මෙ
සල්ලි නම් දැන් හිඟයි
දුවත් දැන් හතේ
කොයි වෙලාවෙද ෂුවර් නෑ
කොල්ලටත් ටුනමන්ට්
දුර යන්න කැමති නෑ
අරය නෝපේ ඉන්නෙ
ෂෝර්ට් ලීව් දෙන්නෙ නෑ
අපි විඳින දුක ඉතින්
දෙයියොවත් දන්නෙ නෑ
තාත්තගෙ දානෙටත්
කරගැහුවෙ මං නේද
මල්ලිටයි නුවර
ලොකු අක්කටයි කිව්වාද
ලෙඩ ගානෙ ඔය ගමන
යන්නටම ඕනෑද?
කවුද ඔළුවට දැම්මෙ
උඩහ ලොකු අම්මාද?
සතියටත් ගමනකට
හැත්තෑව පනිනවා
අතරමග කෝච්චියෙ
පැය ගණන් ගෙවෙනවා
මගදි තව කරදරලු
නඩේ මග හැරෙනවා
මොකට වද විඳිනවද
මෙහෙත් බණ තියනවා
අනුරාධා නිල්මිණි ගේ "මදහසක මැදියම" නම් කාව්‍ය සංග්‍රහයේ එන ලොකු එකාගෙ ලියමන නම් මේ කවි පෙළ ඔබේ රස වින්දනය සඳහා අද ගෙන එන්නට මා අදහස් කලේ ඇගේ ප්‍රබන්ධය කියවීමෙන් මා සිත ජනිතවූ කම්පනය ඔබ සමග බෙදා ගන්නටය. මේ කවි පෙළෙන් පැහැදිලිවම කියැවෙන්නේ අද අපේ රටේ රාජ්‍ය සේවකයාගේ ඛේදවාචකය නොවේද? මියෙන්නට පෙර දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම එකම ප්‍රාර්ථනය වූ සිය මවගේ ඉල්ලීම හමුවේ අසරණ වන ඔහු තරමක තද ස්වරයෙන් ලිපිය ලීවද මෙය ලියන්නට හිත හදාගන්නට ඔහු කෙතරම් සිතින් හඬන්නට ඇත්දැයි නොසිතේද?
ගෙදර ඉඳලාම ලෝක වටේ වඳින්න පුළුවන් ගාථාවක් තියෙනවා නේද?
ReplyDeleteයං නම්මදාය නදියා පුලිනෙච තීරේ
Deleteයං සච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යට තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි
මෙන්න ලෝකල් බඩුව!
Deleteමහියංගනං නාගදීපං
කළ්‍යාණං පද ලාංඡනං
දිවා ගුහං දීඝවාපී
චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව
බෝධි මරිචවට්ටියං
ස්වරණමාලී මහා චෛත්‍යයං
ථූපාරාම භයාගිරං
ජේතවනං සේල චෛත්‍යයං
තථා කාචරගාමකං
ඒතේ සෝළසඨානානි
අහං වන්දාමි සබ්බදා
දඹදිව වන්දනා චාරිකා දැන් පැකේජ් ක්‍රමයට ඕන තරම් තියෙනවානේ.දැන් දඹදිව යන එක රැල්ලක් වෙලාද මන්දා.එහේ නොගියොත් නිවන් යන්න බැහැ වගේ.අපුරු කවියක්.කවි පොත් දෙකක් තියෙනවා හිතවතුන්ගේ තවමත් කියවන්න තරම් ඉඩක් නොලැබුණු.
ReplyDeleteඔව්..මේක ලියද්දි ලොකු එකා පට්ට වේදනාවක් හිතින් දරා ගන්න ඇති. ඒ වගේම මේක පිටිපස්සෙ බිරිඳ ගේ හස්තය කොයි විදියට ක්‍රියාත්මක උනාද දන්නෙ නැහැ..මේ උගෙම වචන නොවෙන්නත් පුලුවන්..
ReplyDeleteHmmmmm
ReplyDeleteඅර කිවුවත් වගේ පිං කරන්න දඹදිව යන්නම ඕනද?
ReplyDeleteඕකට ප්‍රධානම හේතුව ගමේ ආස්සරේ කරන කෙනෙක් හරි නැත්තං නෑදෑයෙක් හරි ගිහිල්ල ඔය විස්තර කියෝනකොට ඒකට දෙවෙනි වෙන්න තියෙන අකමැති කමට කොහොමහරි ඔය ගමන යන්න ලෑස්ති වෙන එකයි.
අහන්ඩ හිටියේ මේක නොලියන්නේ ඇයි කියලා
ReplyDeleteඅපේ අම්මයි තාත්තයි පවුලගේ අම්මයි තාත්තයි හතර දෙනාම යැව්වා මමනම්.. ඒත් හෙන කට්ටක් කාල තමයි.. වැරදිලා හරි එහෙම කර ගන්න බැරිවෙලා තිබ්බනම් අද මේ කවිය කියවගන්න බැරි වෙනවා..
ReplyDeleteබුකියේ තව කවියක් ෂෙයාර් වුනා පහු ගිය දවස්වල මේ වගේම.. වැඩ ටික බැලන්ස් කරගෙන තාත්තාව බලන්න පුතා එනකොට තාත්තා මැරිලා..